රට පුරා සියලූම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථාන, තොග ගබඩා සහ තොග වෙළඳසැල් වහාම පරීක්ෂා කරන්නැයි සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියට අද උපදෙස් ලබා දුන්නා.
එම ස්ථානවල පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය ගබඩා කර ඇත්නම් ඒවා අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි අමාත්‍යවරයා පාරිභෝගික අධිකාරියට වැඩිදුරටත් උපදෙස් ලබාදුන්නේ. රට පුරා සියළුම හෝටල් සහ රාත්‍රි කඩ ද පරීක්ෂා කරන්නැයි නියෝග කෙරුණා. උත්සව සමයේ දී ඉල්ලූම ඉහළ යන බැවින් කල් ඉකුත් වූ හෝ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය වෙළඳපොළට නිකුත් කිරීමට ඉඩ ඇති බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ. ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින්නැයි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කෙරුණා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.