2011-12-29

වැඩිහිටි කාන්තා ඝාතන දෙකක්

රිදීගම පොලිස් බලසීමාවේ උඩහොරොම්බුව ප‍්‍රදේශයේ ළඳු කැලෑවක ඝාතනය කර දමා තිබූ වයස්ගත කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා. තියුණු ආයුධයකින් පහරදීමෙන් කාන්තාවන් දෙදෙනා ඝාතනය කර ඇති බවයි පොලීසිය කියා සිටියේ.
කුලී පදනම මත උඩහොරොම්බුව වත්ත එළිපෙහෙළි කිරීම සඳහා ඊයේ දහවල් එහි ගිය මෙම කාන්තාවන් දෙදෙනාගේ වයස පිළිවෙළින් අවුරුදු 58ක් සහ 59ක්. මොවුන් දෙදෙනා එම ප‍්‍රදේශයේම පදිංචිකාරියන් වනවා. සවස් කාලය වනතුරුම මොවුන් නැවතත් නිවෙස් කරා නොපැමිණි බැවින් ඔවුන්ගේ ඥාතීන් රිදීගම පොලීසියට පැමිණිලි කළා. අනතුරුව පොලීසිය කළ සොයා බැලීමකදී ඝාතනය කර දමා තිබූ කාන්තාවන් දෙදෙනාගේ සිරුරු හමු වූ බවයි පොලීසිය කියා සිටියේ. මේ සම්බන්ධයෙන් මේ දක්වා කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි පොලීසිය නෙත් ප‍්‍රවෘත්ති වෙත කියා සිටියේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.