2011-12-29

කමිටුවක් පත් කිරීමට ජනපතිගෙන් උපදෙස්

උසස් පෙළ ප‍්‍රතිඵලවල ගැටලූකාරී තත්වය සම්බන්ධයෙන් කරුණු සෙවීමට කමිටුවක් පත් කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අද උදෑසන තමා ඇමතූ ජනාධිපතිවරයා අදළ උපදෙස් ලබාදුන් බවයි.
විභාග දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ අදාළ කමිටුවෙන් නිර්දේශ ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි. යළි මෙවැනි සිදුවීම් ඇති නොවීම සඳහා ඒවා උපයෝගි කර ගත හැකි බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. දිස්ති‍්‍රක් කුසලතා සකස් කිරීමේදි ගැටලූකාරී තත්වයක් උද්ගත වුණා. කෙසේ වෙතත් විශ්ව විද්‍යාල ප‍්‍රවේශයේදී කිසිදු සිසුවෙකුට ඉන් අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවයි අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.