අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ලබන 25 වනදා දක්වා අද රක්ෂිත බන්ධානාගර ගත කෙරුණා. ඒ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. මේ වන විට ඒ මහතා කොළඹ ජාතික රෝහලේ 42 වාට්ටුවේ ප‍්‍රතිකාර ලබන බවයි. බම්බලපිටිය ප‍්‍රදේශයේ සපත්තු ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාස් ගුණවර්ධන මහතා ඉකුත් සඳුදා රාත‍්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අතඅඩංගුවට ගැනුණා. දින 3ක රැුඳවුම් නියෝග මත ඒ මහතාගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සිදුකළ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ.
2013-06-13
නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා මැයි 25 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.