2011-12-17

මාර්ග සංවර්ධන අධිකාරියේ මූල්‍ය අක‍්‍රමිකතාවක්

මහා භාණ්ඩාගාරයේ අනුමැතියක් තොරව දීමනා වැඩිකිරීමෙන් මාර්ග සංවර්ධන අධිකාරියෙහි මූල්‍ය අකක‍්‍රමිකතාවක් සිදුව ඇතැයි හෙළිව තිබෙනවා.  විගණකාධිපති වාර්තාවේ දැක්වෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය ඉකුත් 2005 වසරේ දී මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව දීමනා වැඩි කර ඇති බවයි.
එලෙස වැඩි කරන ලද දීමනා ගෙවීමට 2008 වසර දක්වා රුපියල් මිලියන 284.07 ක්.
මේ අතර බාහිිර ආයතනයක මුදල් ආයෝජනය කිරීමට නම් මාර්ග සංවර්ධන අධිකාරිය මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත යුතු වනවා. එවැනි අනුමැතියක් නොමැතිව සිදු කර ඇති මුදල් ආයෝජන කිහිපයක් සම්බන්ධයෙන් ද විගණකාධිපති වාර්තාවේ සඳහන්. එලෙස ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 02 ක්. ඒවා ආයෝජනය කර තිබෙන්නේ මග නැගුම සමාගම් දෙකකයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.