තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හුංගම, කට්ටකඩුව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනකුට අද මරණිය දණ්ඩනය නියම කෙරුණා.ඒ, තංගල්ල මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්‍ෂ මහතාගේ නියෝගයකට අනුවයි. 1997 වසරේ දෙසැම්බර් මස 09 වැනිදා රන්න,
ලේනමුල්ල ප‍්‍රදේශයේ දී තරුණයෙකු ඝාතනය කිරීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනාවයි. මරණිය දණ්ඩනය නියම කිරීමෙන් පසු එක් චුදිතයෙකු විවෘත අධිකරණයේ දී ප‍්‍රකාශ කර ඇත්තේ කඩිනමින් මරණිය දණ්ඩනය ක‍්‍රියාත්මක කළ යුතු බවයි. ඒ සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බව එම චුදිතයා ප‍්‍රකාශ කළා. ගෙවුණු සති 04 තුළ තංගල්ල මහාධිකරණය විසින් පුද්ගලයින් 12 දෙනකුට මරණිය දණ්ඩනය නියම කර තිබෙනවා.2011-12-22
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.