හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාට වෙඩි තැබීම නඩු 02 ක් වශයෙන් පවත්වා ගෙන යා හැකි දැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් අද ප‍්‍රශ්න කර සිටියා.
නීතිපතිවරයාගෙන් ඒ පිළිබඳ උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින බවයි අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුලූ සැකකරුවන් දස දෙනකු ලබන 03 වැනිදා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැනට රිමාන්ඞ් භාරයේ සිටින සැකකරුවන් 15 දෙනකු අද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා. තවත් සැකකරුන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපති උපදෙස් මෙතෙක් නොලැබුණු බව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.2011-12-22
භාරත ඝාතනයේ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.