2011-12-20

බුද්ධ ශාසන අමාත්‍යංශයේ මූල්‍ය අක‍්‍රමිකතාවක්

බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ සිදුව ඇති මූල්‍ය අක‍්‍රමිකතා පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ විෂය භාර අමාත්‍ය අග‍්‍රාමාත්‍ය දි මු ජයරත්න මහතාගේ නියෝගයකට අනුවයි. විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් එම පරීක්ෂණ සිදුකරන බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළා.
2600 වැනි සම්බුද්ධත්ව ජයන්ති උත්සවය අවස්ථාවේ අනුරාධපුරයේ ඉදි කළ තොරණ 5ක් සම්බන්ධයෙන් මූල්‍ය අක‍්‍රමිකතා තොරතුරු ඇති බවයි විගණකාධිපත දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. අමාත්‍යංශයේ වාහන කිහිපයක්ද අයථා අයුරින් අලෙවි කර ඇති බවට තොරතුරු හෙළි වී තිබෙනවා. මෙම වංචාවන්ට අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ගේ සහයද ලැබී ඇති බවද සඳහන්. සම්බුද්ධත්ව ජයන්ති උත්සවයේ මුදල් පරිපාලනය පිළිබඳ තමන් සෑහීමකට පත් නොවන බව අග‍්‍රාමාත්‍ය දි මු ජයරත්න මහතා අමාත්‍යංශයේ පැවැති රැුස්වීම් කිහිපයකදීම ප‍්‍රකාශ කර තිබෙනවා

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.