මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මය දෙවන ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු පත්‍ර 05 ක් අතුරුදන්වීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ අංක 134 දරණ විභාග මධ්‍යස්ථානයට අයත් ප්‍රශ්න පත්‍ර 05 ක පිළිතුරු පත්‍ර මෙලෙස අතුරුදන් වී ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ. ඒ පිළිබඳ පරීක්ෂණය පවත්වනු ලබන්නේ විභාග ඇගයීම් ශාඛාව විසින්. පරීක්ෂණ වාර්තා ලැබුණු පසු වරදකරුවන්ට දඬුවම් ලබාදෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්ප කුමාර මහතා ප්‍රකාශ කළා.2012-01-07
සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මය පිළිතුරු පත්‍ර 05 ක් අතුරුදන්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.