2012-01-07

දොරගුළු වසන්න එපා

දොරගුළු වසාදැමීමෙන් සටන නතර කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. ඔහු මේ බව කියාසිටියේ මාතලේ ප‍්‍රදේශයේ අද පස්වරුවේ පැවති රැස්වීමකට එක්වෙමින්.


සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඇති නියෝජ්‍ය නායක කාර්යාලයේ දොරගුළු ඊයේ වසා දැමුණා. මෙතෙක් කල් එම කාර්යාලය භාවිත කළේ හිටපු නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා විසින්. මාතලේ අද පැවති රැස්වීමේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ පකෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රිවරයා පැවසුවේ ආණ්ඩු බලය ලබා ගැනීම තම එකම අරමුණ බවයි.
මේ අතර සිරිකොත පක්ෂ මූලස්ථානය විසින් අවලංගු කළ මාතලේ දිස්ත‍්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ රැුස්වීම ද මේ වන විට පැවැත්වෙනවා.         ඒ, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන්. බාධා පැමිණිය ද එම රැස්වීම ද පවත්වන බව පේ‍්‍රමදාස මන්ත‍්‍රිවරයා කියාසිටියා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසුවේ මෙම රැුස්වීම පිළිබඳ පක්ෂය දැනුවත් කර නොමැති බවයි. එය නිළ රැස්වීමක් නොවන බව ද ඔහු අවධාරණය කර සිටියා.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.