හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහි හයිකෝප් මූල්‍ය වංචා නඩුවේ තීන්දුව පෙබරවාරි 28 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද ප‍්‍රකාශ කළා. එහි තීන්දුව අද දිනයේදී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ අදාළ තීන්දුව මේ වනවිට සූදානම් කර නොමැති බවයි.
යුද හමුදාවට උපකරණ මිලදී ගැනීමේදී සිදු වූ මූල්‍ය අක‍්‍රමිකතා පිළිබඳ චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා. අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ විත්තියේ නීතිඥවරුන් මූලික විරෝධතා මතු කර සිටියා. ඔවුන් පෙන්වා දුන්නේ චෝදනාවලට දෙවන යුද්ධ අධිකරණය මගින් සරත් ෆොන්සේකා මහතාට මාස 30ක සිර දඬුවමක් නියම කර ඇති බවයි. එම නිසා මෙම චෝදනා නැවතත් මහාධිකරණය හමුවේ විභාග කළ නොහැකි බවයි විත්තියේ නීතිඥයින් පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් අදාළ නඩුවේ තීන්දුව ප‍්‍රකාශ කිරීම කල්දැමීමටයි මහාධිකරණය තීරණය කළේ.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.