වෙළෙඳපොළේ ඇති ගුණාත්මකභාවයෙන් තොර භාණ්ඩ සම්බන්ධයෙන් සොයා බැලීමට ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයට නිසි වැඩපිළිවෙළක් නැතැයි රජයේ විගණකාධිපතිවරයා පවසනවා. පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ 2009 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාවේ දැක්වෙන්නේ ප‍්‍රමිති ආයතනය මගින් ලබාදෙන එස්.එල්.එස්. සහතිකය අලූත් කර නොගත් නිෂ්පාදකයන් 117 දෙනෙකු සිටින බවයි.
 වසර 3ක කාලයක් සඳහා ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය මගින් මෙම සහතිකය ලබාදෙනවා. නමුත් ඇතැම් නිෂ්පාදකයන් එය යළි අලූත් කර ගැනීමට උනන්දුවක් දක්වා නොමැති බවයි විගණකාධිපතිවරයා ප‍්‍රකාශ කළේ. එසේම වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඇති ආහාර වර්ග 7ක් වෙනුවෙන් පමණක් එස්.එල්.එස්. සහතික ලබා ගැනීම අනිවාර්ය කර ඇති බවයි විගණකාධිපතිවරයා පෙන්වා දෙන්නේ. එය වෙළෙඳපොළේ ඇති ආහාර ද්‍රව්‍ය හා සැසඳීමේදී කිසිසේත් ප‍්‍රමාණවත් වන්නේ නැහැ. එමෙන්ම එවැනි නිෂ්පාදකයන් පිළිබඳ සොයා බැලීමට ප‍්‍රමිති ආයතනය මෙතෙක් නිසි වැඩපිළිවෙළක් ආරම්භ කර නොමැති බවයි විගණකාධිපතිවරයා පෙන්වා දෙන්නේ. එසේ වුවද ප‍්‍රමිති ආයතන පනත යටතේ එ් සඳහා නිසි වැඩපිළිවෙළක් සැකසිය යුතු බවද  රජයේ විගණකාධිපතිවරයා සිය වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.2012-01-20
ප‍්‍රමිත ආයතනයට ප‍්‍රමිතියක් නැහැ
Tags
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.