2012-01-20

වැටුප් වැඩිවීමට එකඟවූවාට විනය පරීක්ෂණයක්


ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් නීතිගත ශාඛාවේ ප‍්‍රධාන ලේකම් ආනන්ද පාලිත මහතා සම්බන්ධයෙන් විනය පරික්‍ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්‍ෂය තිරණය කර තිබෙනවා. පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කළේ මේ වන විට ඔහු එම ධුරයෙන් තාවකාලිකව ඉවත් කර ඇති බවයි. ඛනිජ තෙල් සංස්ථා සේවකයින්ට රජය ලබා දුන් 18% ක වැටුප් වර්ධකය ලබා ගැනීමට ජාතික සේවක සංගමයේ අනුමැතියකින් තොරව ඔහු කැමැත්ත පළ කර තිබෙනවා.
ඔහු ඒ සම්බන්ධයෙන් සංගමයෙන් කිසිඳු විමසීමක් කර නොමැති බවයි වාර්තාවන්නේ. ජාතික සේවක සංගමය තීරණය කර තිබුණේ සේවකයන් සඳහා සියයට 45ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවයි. එහෙත් එම තීරණයට පටහැනිව ආනන්ද පාලිත මහතා ඒකමතිකව කටයුතු කර ඇති බව සඳහන්. එම නිසා ඔහු තවදුරටත් එම ධුරයේ තබා ගන්නේ ද නැද්ද යන්න පිළිබඳ මෙම විනය පරික්‍ෂණයේ දී තීරණය කරන බවයි එක්සත් ජාතික පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කළේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.