2012-01-10

ඇමැති මර්වින් සිල්වා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව හමුවට


අමාත්‍ය මර්වින් සිල්වා මහතා සහ කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරුන් අතර ගැටුම සමනය කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රධානීන් මැදිහත් වී සිටිනවා.
එම පක්ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත ති‍්‍රපුද්ගල කමිටුවක් විසින් කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරුන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම ඊයේ රාති‍්‍රයේ සිදු කෙරුණා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන  , එම පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් යන මහත්වරුන් ති‍්‍රපුද්ගල කමිටුවට ඇතුළත්.

මෙම ති‍්‍රපුද්ගල කමිටුව විසින් අමාත්‍ය මර්වින් සිල්වා මහතාගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම බොහෝ විට අද සිදු කෙරුණු ඇතැයි විශ්වාසය පළ වනවා. කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මන්තීවරයෙකු වන හසිත මඩවල මහතා පැවසුවේ කමිටුව සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසය ඇති බවයි. තමන් ඇතුළු කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොරොන්දුවක් ලැබුණු බවද හසිත මඩවල මහතා පවසනවා.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.