අධිකරණ නියෝගයක් මත රජරට විශ්ව විද්‍යාලයේ සාලියපුර වෛද්‍ය පීඨ පරිශ‍්‍රය තුළ රැදී සිටි සිසුන් අද පස්වරුවේ ඉවත් වුණා. රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළමු වසර අධ්‍යයන කටයුතු තාවකාලිකව නතර කිරීමට එරෙහිව සිසුන් විරෝධතා පවත්වමින් විශ්ව විද්‍යාල භූමියේ රැදී සිටියා.
අද පස්වරු 04 ට ප‍්‍රථම විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත් වන ලෙස අනුරාධපුර මහේස්ත‍්‍රාත් රුවන්තිකා මාරපන මහත්මිය නියෝග කළේ පොලිසිය කළ ඉල්ලීමකට අනුවයි. පස්වරු 04 ට පෙර ඉවත් නොවුනහොත් අවම බලය යොදා සිසුන් ඉවත් කරන ලෙස ද නියෝග කෙරුණා. අදාළ නියෝගය ලැබීමෙන් පසු ඊට ගරු කරමින් සිසුන් විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත්ව ගිය බවයි වාර්තා වන්නේ. ඒ, උද්ඝෝෂණයක් ද පවත්වමින්.2012-01-07
රජරට සිසූහූ අධිකරණයට අවනත වෙති
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.