මහරගම පිලිකා රෝහලෙන් බැහැර කෙරෙන අපජලය නිසා ප්‍රදේශවාසීන්ට විකිරණශිලි බලපෑමක් ඇති නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.
එමගින් නිකුත් කෙරුණු නිවේදනයක දැක්වෙන්නේ රෝහලෙන් බැහැර කෙරෙන අපජලය ආරක්ෂිත කාණු පද්ධතියක් මගින් ජනශුන්‍ය ප්‍රදේශයකට මුදාහැරෙන බවයි. එබැවින් අපජලයේ අඩංගු විකිරණ ප්‍රදේශවාසීන්ට හානිකර ලෙස කාන්දු නොවන බව අවධාරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් පරමාණුක බලශක්ති අධිකාරිය පවසන්නේ ප්‍රදේශවාසීන්ට සිදුවිය හැකි බලපෑම සම්පූර්ණයෙන් වළක්වාලීමට ඉදිරිපත් කළ නිර්දේශ මෙතෙක් කි‍්‍රයාත්මක වී නොමැති බවයි. එහි සභාපති ආචාර්ය රංජිත් විජේවර්ධන මහතා පැවසුවේ අප ජලය ඉවත් කිරීමට නළ පද්ධතියක් සකස් කරන්නැයිද නිර්දේශ කළ බවයි.
මේ අතර ඉකුත්දා කෙරුණු සමීක්ෂණයකින් හෙළි වුණේ මහරගම පිළිකා රෝහල අවට ප්‍රදේශවාසීන්ට පිළිකා වැළඳීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවයි. අපජලයේ අඩංගු විකිරණ පරිසරයට කාන්දුවීම ඊට හේතුව ලෙස පෙන්වා දී තිබුණා. එහෙත් එවැන්නක් තවමත් සිදු වී නොමැති බවයි ආචාර්ය රංජිත් විජේවර්ධන මහතා අවධාරණය කරන්නේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.