විශ්ව විද්‍යාල සිසුන් සන්නද්ධ අරගලයකට යොමු කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ තුළ ඇති වු බෙදීමත් සමග මෙම තත්ත්වය මතු වු බවයි. යාපනය විශ්ව විද්‍යාලයේ අඩුපාඩු සොයා බැලීම සඳහා එහි ගිය අවස්ථාවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
මේ අතර විවිධ දේශපාලන කණ්ඩායම් විශ්ව විද්‍යාල සිසුන් නොමග යැවීම අතීතයේ සිට සිදුවු බව අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා අද ප්‍රකාශ කළා. ඒ මාලිගාවිල පුරණ රජමහා විහාරයේ පැවති උත්සවයකට එක්වෙමින්. විශ්ව විද්‍යාල සිසුන් දේශපාලන පක්ෂවල අතකොළු කර ගැනීමට ඇතැම් පිරිස් උත්සහ දරන බවයි ඔහු අවධාරණය කළේ. එය රටක ඉදිරි ගමනට බාධාවක් බවද අග්‍රාමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.