දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප‍්‍රවාහනය සඳහා වෑන් රථ ද යොදවා ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ එම මාර්ගයේ මගී ප‍්‍රවාහනයේදි ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ද වංචාවක් සිදුකරන බවයි. ජාතික බස් ගාස්තු ප‍්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් ගාස්තු අය කිරීමෙන් එම වංචාව සිදුවන බවද ප‍්‍රකාශ කෙරුණා.
ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට වඩා අඩු ගාස්තුවකට දක්‍ෂිණ අධිවේගි මාර්ගයේ බස් රථ ධාවනයට ආණ්ඩුවෙන් ඉල්ලීම් කළ බව ද ගැමුණු විජේරත්න මහතා සිහිපත් කළා.
මෙම ඉල්ලීමට අවසර නොදීම සහ ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් ජාතික බස් ගාස්තු ප‍්‍රතිපත්තිය උල්ලංගණය කිරීමට විරෝධය පාමින් නඩු පවරන බව ද ප‍්‍රකාශ කෙරුණා.