2012-01-20

ශ‍්‍රී ලංකාව ගැන අමෙරිකාව සතුටෙන්


ශී‍්‍ර ලංකාවේ වත්මන් ආර්ථික වර්ධන වේගය පිළිබඳ තමන් සතුටට  පත්වන බව අමෙරිකාව පවසනවා. එරට වාණිජ දෙපාර්තමේන්තුවේ ආසියානු කටයුතු පිළිබඳ සහකාර ලේකම් හෝලි විනයාඞ් මහත්මිය ප‍්‍රකාශ කළේ අමෙරිකානු ව්‍යාපාරික ප‍්‍රජාවටද ඉන් ප‍්‍රතිලාභ අත්වන බවයි.
නුදුරේදීම ශී‍්‍ර ලංකාවේ සංචාරක ක්‍ෂේත‍්‍රයේ ආයෝජනය කිරීම සඳහා අමෙරිකානු ව්‍යාපාරිකයන් රැසක් පැමිණෙනු ඇති බවයි හෝලි විනයාඞ් මහත්මිය ප‍්‍රකාශ කළේ. අමෙරිකාව සහ ශී‍්‍ර ලංකාව අතර පවතින ආර්ථීක සහයෝගිතාව ප‍්‍රවර්ධනය කිරීම සඳහා එරට රජය වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. ඒවා ඉදිරියටද කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි විනයාඞ් මහත්මිය ප‍්‍රකාශ කළේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.