ව්‍යාජ හැඳුනුම්පත් සකසා වෙනත් පුද්ගලයන් සතු ඉඩම් විකිණීමේ ජාවාරමක් දිවයින පුරා කි‍්‍රයාත්මක වෙමින් ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළේ
 පසුගිය වසරේදී පමණක් එවැනි වංචාකාරී සිද්ධීන් 600කට වැඩි ප‍්‍රමාණයක් වාර්තා වී ඇති බවයි. ඉඩම් අයිතිකරුවන් පිළිබඳ තොරතුරු ඉඩම් කච්චේරි මගින් ලබාගෙන ඔවුන් නමින් ව්‍යාජ හැඳුනුම්පත් සකසා මෙම ජාවාරම කි‍්‍රයාත්මක කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ. හදිසියේ සිදු කෙරෙන මෙවැනි ඉඩම් ගනුදෙනු සහ නියමිත වටිනාකමට වඩා අඩු වටිනාකමකට අලෙවි කෙරෙන ඉඩම් මිලදී ගැනීමේදී විමසිලිමත් වන ලෙසයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.