2012-01-18

ජ’පුර සරසවියේ කන්‍යාභාවය ගැන රනිල්ට සැකකයක්


විශ්ව විද්‍යාල සිසුන්ගේ සාධාරණ අරගලයට එල්.ටී.ටී.ඊ. කි‍්‍රයාකාරීන්ද  සම්බන්ධ යැයි ආණ්ඩුව  නගන චෝදනා පිළිගත නොහැකි බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ශිෂ්‍ය කි‍්‍රයාකාරීන් පිරිසක් සමග කොළඹ අද පැවැත් වූ සාකච්ඡාවකදීයි විපක්ෂ නායකවරයා ඒ බව පැවසුවේ.

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා විසින් සිදු කර බව කියන සිසුවියන්ගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීමද විපක්ෂ නායකවරයාගේ සැකයට  ලක් වුණා. ඒ සම්බන්ධයෙන් සිසුන්ගේ කරුණු රැස්කර වාර්තාවක් සකස් කරන්නැයි ලක්වනිතා පෙරමුණට උපදෙස් ලබාදුන්.
විශ්ව විද්‍යාල සිසුන්ට සිදුව ඇති බව කියන සෙසු ආසාධරණයන් පිළිබඳවද කරුණු රැස් කරන බව විපක්ෂ නායකවරයා පැවසුවා. එම කරුණු ඇතුළත් වාර්තාවක් මාස දෙකක් ඇතුළත සකස් කිරීමටයි සැලසුම් කෙරුණේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.