ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු දකුණු කළුතර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුනා. පොලීසිය පැවසුවේ කොළඹ සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගමන් කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
ටිකට් පතක් මිලදී ගැනීම සඳහා සැකකරු බස් රථයේ කොන්දොස්තරවරයාට ව්‍යාජ රුපියල් සියයේ මුදල් නෝට්ටුවක් ලබාදී තිබෙනවා. ඒ පිළිබඳ සැක සිතූ කොන්දොස්තරවරයා එම සැකකරු දකුණු කළුතර පොලීසියට භාරදී ඇති බව සඳහන්. සැකකරු සතුව තිබී රුපියල් දෙදහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 9ක් , රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 39ක් සහ රුපියල් සියයයේ ව්‍යාජ නෝට්ටු 21ක් පොලිස් භාරයට ගැනුනා.2012-01-20
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.