2012-01-11

මවකගෙන් පුතුට අපූරු දඬුවමක්


පාසලේ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිය පුතනුවන් රත් කළ පිහියකින් පිළිස්සු බවට චෝදනා ලැබූ කාන්තාවක් නෙළුව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනා.
පුතනුවන් නිතරම අසභ්‍ය වචන කථා කරන බැවින් දඬුවමක් ලෙස ඔහු පිළිස්සූ බවයි එම කාන්තාව ප‍්‍රකාශ කර ඇත්තේ. තුවාල ලත් පුතනුවන් මේ වන විට වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා. ඔහුගේ සිරුරේ ස්ථාන කිහිපයකම පිළිස්සුම් ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.
මේ අතර මියගිය කාන්තාවකගේ සිරුරක් උඩුගම බණ්ඩාරනායකපුර ප‍්‍රදේශයේදී කටුපොල් වගාබිමක තිබී අද උදෑසන සොයා ගැනුනා. මරණයට හේතුව වෙඩි තැබීමක් බවයි පොලීසිය සැක කරන්නේ. මියගොස් සිටින කාන්තාවක දෙදරු මවක් බවද, ඇගේ වයස අවුරුදු 30ක් පමණ බවද විමර්ශනවලින් හෙළිවුණා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.