2012-01-10

අදට නියමිත දුම්රිය වර්ජනය අත්හිටුවෙයි


දුම්රිය ධාවනයෙන් ඉවත්ව අද වැඩවර්ජනයක නිරතවීමට ගනු ලැබූ තීරණය තවකාලිකව අත්හිටු වූ බව දුම්රිය රියැදුරන්ගේ සංගමය පවසනවා. කෙසේ වෙතත් නුසුදුසු තත්වයේ දුම්රිය ධාවනයෙන් තවදුරටත් ඉවත්ව සිටින බවයි එම සංගමයේ විධායක කමිටු සාමාජික ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ.
නුසුදුසු තත්වයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරන් පියවර ගත්තේ ඊයේ සිටයි. ඒ හේතුවෙන් ඊයේ දිනයේ දුම්රිය කිහිපයක් අවලංගු වීම හෝ ප‍්‍රමාද වීම සිදු වුණා.
මේ අතර මෙලෙස වෘත්තීය කි‍්‍රයාමාර්ගවල නිරත වන දුම්රිය සේවකයන් ඉල්ලා සිටින්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සංවිධාන ව්‍යූහය සංශෝධනය කිරීමේදී ඔවුන්ට සිදු වූ අසාධාරණය වහාම නිවැරදි කරන ලෙසයි.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.