2012-01-05

ජ‘පුර සරසවි සිසුන් පා ගමනක


ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යන් පිරිසක් එම විශ්ව විද්‍යාලයේ සිට හයිලෙවල් මාර්ගයේ ඔස්සේ පා ගමනකින් කොළඹට පැමිණෙමින් සිටිනවා. විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේ පිහිටුවා තිබූ විරු සිසු ස්මාරකයේ පුපුරුවා හැර ඇති බවයි ඔවුන් පවසන්නේ. පිපිරීම අද අලූයම සිදු වු බවටත් උපකුලපතිවරයා සහ රාජ්‍ය ආරක්ෂක අංශ ඊට සම්බන්ධ බවටත්  චෝදනා කෙරුණා. පා ගමන හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ රථ වාහන තදබදයක් පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
මේ අතර විරු සිසු ස්මාරකයට අලාභ සිදුව ඇතැයි පොලීසියද පවසනවා. මිරිහාන පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ සොයා බැලීමකදී එය තහවුරු වූ බවයි පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසන්නේ. කෙසේ වෙතත් අලාභ සිදුව ඇත්තේ පුපුරුවා හැරීමකින්දැයි තහවුරු වී නැහැ. විමර්ශන සිදු කිරීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා සිටිනවා.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.