2012-01-05

අතරමගදී මගීන් බැස්සවූ අධිවේගී රියැදුරුට දඩ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කෙරුණු ශී‍්‍ර ලංගම බස් රථයක් අතරමගදී නවත්වා මගීන් බැස්සවීම නිසා එහි රියැදුරුට දඩ නියම කර තිබෙනවා. පොලීසිය පවසන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන වාහන අතරමගදී නැවැත්විය නොහැකි බවයි.

ඒ බව නොතකා වරදකාර බස් රථය කුරුඳුගහහැතැප්ම පිවිසුමේදී නතර කර තිබෙනවා. ස්වයංකී‍්‍රය කැමරාවලින් ඒ බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පින්නදූව පිවිසිමේදී රියැදුරට දඩ පති‍්‍රකාව  ලබාදුන් බවයි පොලීසිය පවසන්නේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ශී‍්‍ර ලංගම බස් රථ ධාවනය ඉකුත් අඟහරුවාදා ආරම්භ වුණා. එදින පමණක් එම බස් රථවලින් උපයාගත් ආදායම රුපියල් එක්ලක්ෂ හැත්තෑදහසක් බව ශී‍්‍ර ලංගම පවසනවා.
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසි එළුවන් රංචුවක් හේතුවෙන් පෙරේදා පස්වරුවේ එහි ගමනාගමනයට බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු පවසන්නේ. එළුවන්ගේ හිමිකරු හඳුනාගත් බවත්, ඔහුට නඩු පවරන බවත් පොලීසිය පවසනවා. 


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.