2014-02-19

තමිල්නාඩුව තම නිරුවත ලොවට පෙන්වමින් රජීව් ඝාතකයන් නිදහස් කරයි

රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් හතරදෙනා සියලූ දඬුවම්වලින් නිදහස් කිරීමට තමිල්නාඩු ප‍්‍රාන්ත ආණ්ඩුව තීරණය කර තිබෙනවා. එලෙස නිදහස ලැබූවන් වන්නේ මුරුගන්, ශාන්තන්, පෙරරිවලන් සහ නාලනී ශී‍්‍රහරන්. ඔවුුන් හතර දෙනාටම මරණීය දණ්ඩනය නියම වී තිබූ අතර නාලනී ශී‍්‍රහරන්ගේ මරණීය දණ්ඩනය 1999 වසරේදී ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් දක්වා ළිහිල් කෙරුණා. පසුව අනෙක් තුන් දෙනාද එවැනි ළිහිල් දඬුවමක් සඳහා අභියාචනයක් ඉදිරිපත් කළ අතර ඒ බව සැලකිල්ලට ගත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළේ ඔවුන්ටද මරණීය දණ්ඩනය වෙනුවට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලබාදීමටයි. 
රජීව් ගාන්ධි මහතා ඝාතනය කෙරුණේ වර්ෂ 1991 දී ඉන්දියාවේ මැතිවරණ රැළියක් අවස්ථාවේ එල්ල වූ මරාගෙන මැරෙන ප‍්‍රහාරයකිනි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.