2012-01-24

පාතාලයට අනුබල දෙන දේශපාලනඥයන් ගැන යළිත් විමර්ශනයක්.


පාතාල අපරාධකරුවන්ට මෙරටින් පලායාමට සහය ලබාදෙන පුද්ගලයන් සහ දේශපාලනඥයන් පිළිබඳ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පාතාලයට සම්බන්ධ අපරාධකරුවන් 300කට ආසන්න  සංඛ්‍යාවක් සහ ඔවුන් සමග සමීප සබඳතා පවත්වන දේශපාලනඥයන් විස්සකට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු හෙළි වී ඇති බවයි අමාත්‍යංශය ප‍්‍රකාශ කරන්නේ. එවැනි පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය අකුරට කි‍්‍රයාත්මක කිරීමටයි අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.
ඒ අනුව පාතාල අපරාධකරුවන්ට සහාය ලබාදෙන හෝ රැකවරණ සලසන දේශපාලනඥයන් සොයා මෙහෙයුමක් ආරම්භ කෙරුණා. එම අපරාධකරුවන්ට මෙරටින් පලායාමට ඉඩ නොලැබෙන පරදි කටුනායක ගුවන් තොටුපොළේද ආරක්ෂාව තර කර තිබෙනවා.