සිය පවුලට හදිසි ප්‍රහාරයක් එල්ල වුවහොත් එවැනි අවස්ථාවකදී ඊට නිසි ලෙස මුහුණ දීමේ හැකියාව විලියම් කුමරුට සපයා දීමේ අරමුණින් මෙම ආරක්ෂණ පුහුණු සැසිය ක්‍රියාත්මක වී තිබේ. මෙම පුහුණු සැසිය පැවැත්වුණේ බි්රතාන්යයේ කෙන්ට් ප්‍රදේශයේදීය. අතිශය රහසිගත පුහුණුවක් වූ මෙම ආරක්ෂණ පුහුණු සැසිය පිළිබඳ මාධ්‍යයට අනාවරණය වූයේ පුහුණුව මෙහෙය වූ පොලිස් නිලධාරියෙකුගේ දියණියක් විසින් සමාජ ජාල වෙබ් අඩවියකට යොමු කළ පණිවුඩයක් මගිනි.
”මගේ තාත්තා විලියම් කුමරුට පෙට්ට්‍රල් බෝම්බයක් ගහලා. මොන තරම් ආඩම්බරකාර වැඩක්ද?” ඇගේ පණිවුඩයේ සඳහන් වූයේ එලෙසිනි.
මෙයට පෙර චාල්ස් කුමරුද මෙම ආරක්ෂණ පුහුණු සැසියට සහභාගි විය.
එ් 2009 වසරේදීය.
කුඩා නගරයක් ලෙසට සැකසුන විශේෂ ආකෘතික පරිසරයක මෙම පුහුණුව පැවැති බවට බි්රතාන්ය සන්ඬේ ටෙලිග්රාෆ් පුවත් පත වාර්තා කර තිබුණි.
ඩයනව මරපු එකටනම් චාල්ස් කාරයාගේ පුකට පෙට්‍රල් ගහන්නම වෙනවා කවදාහරි.
ReplyDelete