2012-01-17

කහවත්තේදී දෙපිරිසක් ගැටෙයි


කහවත්ත වැල්අඳුර ගම්මානයේ දෙපිරිසක් අතර ඊයේ රාති‍්‍රයේ ගැටුමක් ඇති වුණා. ගැටුමෙන් තුවාල ලැබූවන් කිහිපදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය ප‍්‍රකාශ කළේ ප‍්‍රදේශයේ ඇති වූ තත්වය පාලනය කිරීම සඳහා යුද හමුදාවද කැඳවූ බවයි.
මේ වන විට තත්වය පාලනය කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිපදෙනෙකුද අත්අඩංගුවට ගත් බව  පොලීසිය ප‍්‍රකාශ කළා.

පොලිස් පරීක්ෂණවලින් හෙළි වූ තොරතුරු (පසු වාර්තාකරණය)
කහවත්ත වැල්අඳුර වතුයායේ ඊයේ රාති‍්‍රයේ ඇති වූ ගැටුමට හේතුව බීමත් තරුණයන් පිරිසකගේ කෑ ගැසීම බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. ගැටුමෙන් තුවාල ලැබූවන්  දෙදෙනෙකු රෝහල් ගත කෙරුණා නිවාස 4ක් විනාශ වී ඇති අතර බස් රථයකටද අලාභ හානි සිදුව තිබෙනවා. ගැටුම පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාවක කැඳවුවා. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප‍්‍රශ්න කෙරෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.