තනතුරු අහිමි කළ පමණින් ජනමතය වෙනස් කළ නොහැකි බව කුරුණෑගල දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ති‍්‍ර දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ජනතාවගේ ජනමතය සමග තමන් සැමදා ජීවත් වන බවයි. විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂ නායකත්වය ගත් තීරණය පිළිබඳ කළ විමසුමකට පිළිතුරු ලබාදෙමින් මන්තී‍්‍රවරයා මේ බව ප්‍රකාශ කළා.
තමන් තනතුරු හෝ නම්බුනාම වෙනුවෙන් කිසිවෙකු පිටුපස ගමන් නොකරන බවයි ජයසේකර මන්ති‍්‍රවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තිබු මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන මහජන හමුවක් පක්ෂ මූලස්ථානයේ දැනුම් දීම මත අවලංගු කර තිබෙනවා. එම රැස්වීම හෙට පෙරවරුවේ පැවැත්වීමටයි නියමිතව තිබුණේ. එහෙත් ඊයේ පස්වරුවේ පක්ෂ මූලස්ථානය ලබා දුන් උපදෙස් මත රැස්වීම අවලංගු කෙරුණා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.