2012-02-07

කෙහෙළියට සැත්කම් තුනක්


ඔස්ට්‍රේලියාවේදී හදිසි අනතුරටක් ලක් වූ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සැත්කම් 3කට භාජනය කළ බව වාර්තා වනවා. ඔහුගේ දෙපාවලට බරපතල තුවාල සිදු වී තිබෙනවා. ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර රෝහලකදී මෙම සැත්කම් සිදු කෙරුණා.
අමාත්‍යවරයා නැවතී සිටි හෝටලයේ කාමරය තුළ ඇද වැටීම හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙල්බර්න් පොලීසිය විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.