2012-02-07

අමෙරිකාවෙන් බලපෑම් නැහැ


ලක් රජයට අමෙරිකාවෙන් බලපෑම් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශය ලේකම් කරුණාතිලක අමුණුගම මහතා ප‍්‍රකාශ කළේ අමෙරිකානු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණිමට නියමිතව ඇත්තේ උපදෙස් ලබාදීමට පමණක් බවයි.
ඔවුන් ශී‍්‍ර ලංකාවේ වත්මන් තත්වය පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතයි. රජයේ ප‍්‍රතිපත්ති සහ වත්මන් ප‍්‍රගතිය සම්බන්ධයෙන්ද කරුණු අධ්‍යයනය කිරීමට අමෙරිකානු නියෝජිතයන් තීරණය කර තිබෙනවා. අමෙරිකානු එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් රොබට්  ඕ බ්ලේක් සහ නියෝජ්‍ය ලේකම් මෙරි ඔටේරෝ ලබන 12 වැනිදා දිවයිනට පැමිණිමට නියමිතයි.
මේ අතර දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ. සුමන්තිරන් මහතා පසුගියදා ප‍්‍රකාශ කළේ අමෙරිකා එක්සත් ජනපදය ලක් රජයට බලපෑම් එල්ල කරන බවයි. ඒ උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කරන ලෙස බල කරමින්.