ජාතික රෝහලේ ස්නායූ රෝග ඒකකයට අයත් වේදනා නාශක සායනය වසා දැමීම හේතුවෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. වසර 3 ක පමණ කාලයක සිට සායනය නොපැවැත්වෙන බව රෝගීන් පවසනවා. ඒ හේතුවෙන් තම රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට විශාල මුදලක් වැයවන බවට රෝගීන් මැසිවිලි නගනවා.
දිවයිනේ රජයේ රෝහලක ක්‍රියාත්මක එකම වේදනා නාශක සායනය මෙයයි. ජාතික රෝහලේ වේදනා නාශක සායනය අක්‍රියවීම සම්බන්ධයෙන් බලධාරින්ගේ සෘජු අවධානය යොමුවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පවසනවා. මෙවැනි තත්ත්වයක් ඇතිවීමෙන් ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා ඉටුකර ගැනීම දැඩි අවදානමකට ලක්වන බව එහි උප ලේකම් වෛද්‍ය නලීන් ආරියරත්න පවසනවා.
ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ මෙම සායනය භාරව සිටි විශේඥ වෛද්‍යවරයා රාජ්‍ය සේවයෙන් ඉවත් වූ බවයි. අනතුරුව එහි කටයුතු කිරීමට සුදුසු වෛද්‍යවරයකු නොමැතිවීම සායනය වැසී යාමට හේතුවූ බවද ඇය සඳහන් අනාවරණ කළා. වෛද්‍ය සුජාතා සේනාරත්න පැවසුවේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු රෝහලට ලැබුණු වහාම මෙම සායනය නැවත ආරම්භ කරන බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.