හොරණ ප්‍රදේශයේ පෞද්ගලික බස්රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා මාර්ග අංක 120 කොළඹ - හොරණ බස්රථවලට අමතරව හොරණ පර්යන්තයෙන් ආරම්භ කෙරෙන අනෙකුත් සියලු පෞද්ගලික බස්රථ ද එක්ව සිටිනවා.
වේලා සටහන්කරුවෙකුට පහරදීමේ සිද්ධියකට විරෝධය පළ කිරීමේ අරමුණින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවා.
වේලා සටහන්කරුවෙකුට පහරදීමේ සිද්ධියකට විරෝධය පළ කිරීමේ අරමුණින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවා.
ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයින් පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි ගැමුණු විජේරත්න මහතා පවසන්නේ. ඒකාබද්ධ කාලසටහන කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම පහරදීම සිදුකර ඇති බවට ඔහු චෝදනා කරනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.