වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බදුල්ල රෝහලට පැමිණි රෝගියෙකුට පහරදී ඇති එහි වෛද්‍යවරයෙකු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බදුල්ල රෝහලේ බාහිර රෝගී අංශය ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක් පදවා ගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකුට මෙම වෛද්‍යවරයා අමානුෂික ලෙස පහරදී ඔහුගේ ත්‍රී රෝද රථයට
ද හානි සිදුකර ඇති බව බදුල්ල පොලිසිය පවසනවා.
සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන බදුල්ල මහේස්ත්‍රත් අධිකරණට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කෙරුණා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.