2012-03-01

නොබැඳි ජාතීන්ගේ සහයත් ශ‍්‍රී ලංකාවට


එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය 19 වැනි සැසිවාරයේදී ශ‍්‍රී ලංකාවට සහය ලබා දීමට නොබැඳි ජාතීන්ට අයත් රටවල් තීරණය කර තිබෙනවා. වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව අද ප‍්‍රකාශ කළා. 

උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසන් සභා වාර්තාව පිළිබඳ කිසිඳු ගැටළුවක් නොමැති බවයි ඔහු අවධාරණය කර සිටියේ. එම වාර්තාවේ ඇතැම් යෝජනා පිළිගත නොහැකි බව ඔහු ප‍්‍රකාශ කළා. චැනල් ෆෝ නාලිකාව තවත් විඩියෝ පටයක් එලිදැක්වීමට සුදානම් බවට ප‍්‍රකාශ කර තිබෙනවා. මාධ්‍යවේදින් ඒ පිළිබඳව ද අමාත්‍යවරයාගෙන් කරුණු විමසුවා. චැනල් ෆෝ නාලිකාවේ වාර්තා විද්වතුන් විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බව ඔහු කියා සිටියා. 
ශ‍්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිසම වෙත අමෙරිකාව ඉදිරිපත් කිරීමට යෝජිත වාර්තාව මෙතෙක් ප‍්‍රකාශයට පත් කළ නැහැ. එවැනි වාතාවරණයක් මත රට තුළ උද්ඝෝෂණ පවත්වන්නේ මන්දැයි මාධ්‍යවේදින් අමාත්‍යවරයාගෙන් කරුණු විමසුවා. ඔහු පැවසුවේ යෝජනාව ඉදිරිපත් වුවහොත් ඊට මුහුණ දීමටද රජය සූදානම් බවයි. 
එක්සත් ජාතික පක්‍ෂය තුළ සමගියක් නොමැති බව ඔහු අවධාරණය කර සිටියා.
මේ අතර ජිනිවා මානව හිමිකම් සමුළුවේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිත යෝජනාව පරාජය කිරීමට අප‍්‍රිකානු රටවල් කිහිපයක් ද එකඟ වී තිබෙනවා. අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප‍්‍රකාශ කළේ එම රටවල නියෝජිතයින් සමග සාකච්ඡාවක් පැවැත්වු බවයි. එහිදී අදාල තීරණයට ඔවුන් එළැඹි බව අමාත්‍යවරයා කියා සිටියා.  

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.