එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර පවතින අර්බුදය යළි උග්‍ර වී තිබෙනවා. පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කළේ පානදුර ප්‍රදේශයේ ඊයේ පැවැති විපක්ෂයේ විරෝධතා ව්‍යාපාරය අතරතුරදීද එම තත්වය මතු වූ බවයි. මෙහිදී වික්‍රමසිංහ මහතා තම කථාවෙන් පසු,
රැස්ව සිටි පිරිසට කොළඹ දෙසට පෙළපාලියකින් ගමන් කරන ලෙස ඉල්ලා සිටියා. එවිට නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට අදහස් දැක්වීමට අවස්ථාවක් ලබාදෙන ලෙස උද්ඝෝෂකයින් ඉල්ලා සිටියද රනිල් වික්‍රමසිංහ මහතා ඊට අවස්ථාව ලබාදුන්නේ නැහැ. එම අවස්ථාවේ එහි ඇති වූයේ නොසන්සුන්කාරී වාතාරවණයක්.

මෙම නොසන්සුන්කාරී වාතාවරණයෙන් පසු සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම ස්ථානයේ රැස්වීමක් පවත්වා තිබෙනවා. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරු ජයසූරිය සහ දයාසිරි ජයසේකර මහතාද සහභාගි වූ බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් පොදු විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්වී සංවිධාන කළ මෙම විරෝධතා ව්‍යාපාරයේදී පක්ෂ නායකයන්ට පමණක් අදහස් දැක්වීමේ අවස්ථාවක් ලබාදී තිබුණා. සජිත් පේ‍්‍රමදාස මන්ත්‍රීවරයා කථිකයෙකු ලෙස නම් නොකිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත වූ බවයි විපක්ෂයේ විරෝධය ව්‍යාපාරය ප්‍රකාශ කළේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.