නියෝජ්‍ය පොලිස්පතිවරුන් 35 දෙනෙකුට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 12 දෙනෙකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ සේවයේ අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. ඒ අනුව පොලිස් අධිකාරිවරුන් , අට දෙනෙකුටද මෙලෙස ස්ථානමාරුවීම් ලබාදී තිබෙනවා.
මේ අතර පොලිස් නිලධාරින්ට මහජනතාවගෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කරන බව ජාතික පොලිස් කොමිසම පවසනවා. කොමිසමේ සාමාජික පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රකාශ කළේ ඊට අදාළ මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි. පසුගියදා යළි පත් කෙරුණු පොලිස් කොමිසමේ පළමු රැඑස්වීම ඊයේ පස්වරුවේ පැවැත්වුණා. කොමිසම අකි‍්‍රයව පැවැති සමයේ ලැබුණු පැමිණිලිද විමර්ශනය කරන බවයි ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රකාශ කළේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.