2013-11-28

විදේශ ගතවීමේදී පවුම් 15ට වඩා පැළැඳ යාම තහනම් කිරීමට රේගුව සැරසේ

නීති විරෝධී ආකාරයෙන් රත්‍රන් තොගයක් ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය පිරිසක් පසුගියදා ඉන්දියාව විසින් අත්අඩංගුවට ගැනීමත් සමග විදේශ ගතවීමේදී පළඳින රත්‍රන් ප්‍රමාණය සීමා කිරීමට ශ්‍රී ලංකා රේගුව සූදානම් වනවා. මේ අනුව, රේගුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙයට අදාළ නීති තවත් නොබෝ දිනකින්ම හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවයි.
මෙහිදී, කාන්තාවක් විදේශ ගතවීමේදී නැවත රැගෙන එන පදනම අනුව රත්‍රන් පවුම් 15 ක්ද, පිරිමියෙකු විදේශ ගතවීමේදී රත්‍රන් පවුම් 05 ක්ද, ළමයෙකු විදේශ ගතවීමේදී රත්‍රන් පවුම් 05 ක්ද, පැළඳ යා හැකි බවට සීමාවක් පැනවීමට ශ්‍රී ලංකා රේගුව අදහස් කර තිබෙනවා.
හඳුන්වාදීමට යන මෙම නව නීතිවලට අනුව මෙම ප්‍රමාණයට වඩා රත්‍රන් පැළඳ විදේශ ගතවිය නොහැකි අතර මෙම ප්‍රමාණය පැළඳ යාමේදීත් අනුගමනය කළ යුතු පිළිවෙත් රැසක් හඳුන්වාදීමට නියමිත බව හෙතෙම සඳහන් කළේය. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.