2012-04-20

සැකකරුවන් 6 දෙනාගෙන් 5 දෙනෙක්ම ඝාතකයෝ හඳුන ගනියි


කෝට්ටේ රජමහා විහාරයේ බොරලැස්ගමුවේ ගුණරතන හා පිටිගල ජිනසිරි හිමිවරුන් දෙනම ඝාතනය කළැයි සැකපිට රිමාන්ඞ් බාරයේ සිටින නිලමේ හා සිවුරුහළ පුද්ගලයා හඳුනා ගැනීමට සාක්කිකරුවන් හය දෙනකුගෙන් පස් දෙනෙක්ම ගංගොඩවිල උසාවියේදී සමත්ව තිබෙනවා. වැඩබලන මහේස්ත‍්‍රාත් තිස්ස විජේරත්න මහතා ඉදිරියේ පැවැත්වූ මෙම පෙරෙට්ටුවේදී කාන්තාවෝ දෙදෙනෙක්ද සැකකරුවන් හඳුන්නා ලදී.
නිලමේවරයකු වන මහරගම හර්ෂ මංජු ශ්‍රී පෙරේරා හා සිවුරුහළ පුද්ගලයකු වන ඇඹිලිපිටියේ සුරේෂ් චානක යන සැකකරුවෝ මැයි හතරවැනිදා වනතුරු යළි රිමාන්ඞ් කරනු ලැබුවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.