කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ත්‍රීරෝද රථ ඇතුළුවීම වැළැක්වීමට ගුවන් තොටුපොළ පොලීසිය පියවර ගෙන ඇත. කුලී රථ සඳහා විශාල මුදලක් ගෙවීමට නොහැකි සාමාන්‍ය ගුවන් මගීන් හා ජනතාව මෙම තීරණය නිසා මහත් අසීරුතාවට පත්ව ඇති බව වාර්තා වනවා. ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයාගේ නියෝග මත ගුන් තොටුපොළ පොලීසිය මෙම පියවර ගෙන ඇති බව ත්‍රීරෝද රථ රියැදුරන් පවසනාව. ප්‍රදේශයේ දේශපාලන නායකත්වයන්ටද මෙම අසාධාරණය පිළිබඳ දන්වා ඇති බවත් විසඳුමක් නොලදහොත් සියලු ත්‍රීරෝද රථ සංගම් එක්ව මෙම ක්‍රියාදාමයට එරෙහිව පියවර ගන්නා බවද ත්‍රීරෝද රථ සංගමයකට නිලධාරියෙක් අප හා පැවසීය.
දුර බැහැර ප්‍රදේශවල සිට බස් රථ මගින් කටුනායකට පැමිණෙණ ගුවන් මගීන් මෙන්ම බස් රථවලින් පැමිණෙන විදේශිකයන්ද ත්‍රීරෝද රථ මගින් නගරයේ සිට ගුවන් තොටුපොළට ගමන් පහසුකම් ලබාගැනීමට පුරුදු වී තිබෙන බවද අනාවරණය වනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.