මැලේසියාවේ දැන් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය බර එසවීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකා දිනූදා දිල්ෂානි අබේසේකර ක්‍රි. ග්‍රෑම් 48 බර පන්තියෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ඊයේ සමත් වූවාය. එහි දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් කැනඩාව හා ඉන්දියාව දිනා ගත්හ.
පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ක්‍රීඩිකාවක් වන දිනූදා මේ සමගින් ජාත්‍යන්තර බර එසවීමේ තරගාවලියකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් හිමිකර ගත් එකම ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක්වීම විශේෂ වේ. පොළොන්නරුව රාජකීය විදුහල් ආචාර්ය ඩන්කන් ජයසිංහ යටතේ පුහුණුව ලබන දිනූදා ක්‍රි. ග්‍රෑම් 136ක් මුළු බර එසවීම කැපී පෙනේ. ඇය ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට ඔසවමින් ක්‍රි. ග්‍රෑම් 62ක බරක් ස්නැච් ක්‍රමයට ක්‍රි. ග්‍රෑම් 74ක බරක් එසවීමෙන් රන් පදක්කම දිනා ගැනීම කැපී පෙනේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.