2012-04-09

තෙල් සේවකයෝ වෘත්තීය ක්‍රියා මර්ගයක - ඉන්ධන ප්‍රවාහනයටත් බාධා


ඉන්ධන ප‍්‍රවාහන දීමනාව ඉහළ නංවන ලෙස ඉල්ලමින් ඛනිජ තෙල් පෞද්ගලික බවුසර් හිමියන්ගේ සංගමය තෙල් ප‍්‍රවාහනය කිරීමෙන් වැලකී සිටීමට තීරණය කර තිබෙනවා. මේ හේතුවෙන් ඛනිජ තෙල් සේවකයින් ගැටලූ රැසකට මුහුණ දී ඇති බවයි එම සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා සඳහන් කරන්නේ. මුතුරාජවෙල සහ කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණවල සිට ඞීසල් සහ පෙට්ට‍්‍රල් ප‍්‍රවාහනය කිරීම වෙනුවෙන් පෞද්ගලික බවුසරයකට කිලෝ මිටරයක් සඳහා ගෙවනු ලබන්නේ රුපියල් 126 ක මුදලක් පමණක් වන අතර එය කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බව එම සංගමය පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අතර විශේෂ හමුවක් අද පැවැත්වීමට නියමිතයි. තම ණය ගැටලූව සඳහා විසඳුම් ලබාගැනීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමය පවසනවා. අදාළ සාකච්ඡවේ දී තම ගැටලූවලට විසඳුම් නොලැබෙන්නේ නම් අඛණ්ඩ වෘත්තිය කි‍්‍රයා මාර්ගයකට යොමු වන බවද සංගමය වැඩිදුරටත් පවසනවා. 
මේ අතර කිසිදු බාධාවකින් තොරව රට පුරා ඉන්ධන බෙදා හැරීමේ වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන බව ඉන්ධන තොග තෙල් ගබඩා සමාගම පවසයිග පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන් කුමන තීරණයක් ගත්තද අද සහ හෙට දිනයේ එම වැඩ පිළිවෙල ක‍්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවද එම සමාගම කියා සිටිනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.