2012-04-08

මව අතහැරියත් හිපෝ පැටියාට මවක්


හිපපොටේමස් මවක සිය පැටවා අතහැර දැමීමෙන් පසුව මිනිස් මවක් කිරි මව වී සිටින පුවතක් දකුණු අප්‍රිකාවේ Cango Wildlife Ranch සත්ව උද්‍යානයෙන් වාර්තා වනවා. බලු පැටවකු තරම් වූ හැරී නමැති මේ හිපෝ පැටවා පෝෂණය කරන්නේ එම සත්ව උද්‍යානයේ සේවිකා ටෝනි ඉන්ග්ගැස් (Toni Inggs) නමැති සේවිකාව විසින්.
දින හතක් වයසැති පුංචි හිපෝ පැටවා තම නිල නිවසට ගෙන ගිය ටෝනි පැය තුනකට වතාවක් කිරි මිලි ග්‍රෑම් 125 ක් බැගින් ලබාදෙමින් එම පැටවා පෝෂණය කරනු ලබනවා. හැරීගේ වාසස්ථානය වී ඇත්තේ කුඩා ළමුන් නාවන බේසමක්.  දින හතකදී කිලෝ ග්‍රෑම් පහක බර වර්ධනයක් ලබා ඇති හැරීට සාමාන්‍ය ආහාර ලබාදිය හැක්කේ මාස තුනකට පසුව බැවින් ටෝනි මාස තුනක කාලයක් හැරීගේ කිරි මව ලෙස වෙන්කරන්නට තිරණය කළ බව Cango Wildlife Ranch සත්ව උද්‍යානයේ කළමණාකරු පවසනවා.








No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.