2012-04-07

උත්සව සමයේ කුකුල්ලුත් ගණන් උස්සන ලකුණු


කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල ඉහළ නැංවීම සඳහා සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ වන විට කුකුළු මස් කිලෝග්‍රෑමයක් අලෙවි කිරීම සඳහා රජය පනවා ඇති රුපියල් 350 උපරිම මිල රුපියල් 440 දක්වා ඉහළ නංවන ලෙස මෙම ඉල්ලීම කර ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ආචාර්ය ඩී.ඩී. වනසිංහ මහතා සඳහන් කළේය.
වසර එකහමාරක පමණ කාලයක සිට කුකුළු මස් කිලෝවක් රුපියල් 350 ට අලෙවි කරන බව ඩී.ඩී. වනසිංහ මහතා පවසනවා.
එම කාලය තුළ නිෂ්පාදන වියදම් ඉහළ ගිය ද අදාළ මිලටම කුකුළු මස් අලෙවි කළ බවත් නමුත් මේ වනවිට විදුලි ගාස්තු ප්‍රවාහන ගාස්තු ඉහළ නැගීම කම්කරුවන් ඉහළ වැටුපක් ඉල්ලා සිටීම සත්ව ආහාර මිල ඉහළ යාම වැනි කරුණු නිසා තවදුරටත් එම මිල මතම රැඳීසිටිය නොහැකි බව ඒ මහතා පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.