එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය කමිටුව විසින් කිසිවෙකුටත් එරෙහිව පූර්ව නිගමන ඉදිරිපත් කර නොමැති බව එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ සභාපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා මහතා පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකර එහි නිර්දේශ පමණක් ඉදිරිපත් කිරීමට සිය කමිටුව කටයුතු කළ බව ඔහු පෙන්වාදෙනවා.
කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතීඥ ශ්‍රීනාත් පෙරේරා මහතා මේ අදහස් පළ කළා.
අදාළ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ විනය පරීක්ෂණයක් සිදුකර ඔවුන්ගේ අදහස් ද ලබාගැනීමෙන් අනතුරුව අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස ද සිය කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කළ බව ද ඔහු පෙන්වාදෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.