පුත්තලම රෝහල පිටුපස නවාතැන්පලක රැඳී සිටි පුද්ගලයින් 11 දෙනෙකු අද දහවල් පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ කිසියම් පුද්ගලයෙකු විසින් මෙම පිරිස හොර රහසේ ඕස්ට්‍රේලියාවට යැවීමේ අරමුණින් මෙම නවාතැන්පළට රැගෙනවිත් ඇති බවයි.
අදාළ පුද්ගලයින්ගෙන් නව දෙනෙකු මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර දෙදෙනෙක් මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබෙනවා. මොවුන් රැගෙන පැමිණි ජාවාරම්කරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවද පොලීසිය පවසනවා. මොවුන් අතරින් ඇතැම් පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ජාවාරම්කරු විසින් ලබා ගෙන ඇති බවත් ඔවුන් බෝට්ටුවක් මගින් ඕස්ට්‍රේලියාවට යවන බවට පොරොන්දුවී ඇති බවත් වාර්තා වනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.