2012-06-12

රවී ඇප කොන්දේසි උල්ලංඝනය කරලා


මූල්‍ය රෙගුලාසි උල්ලංගණය කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්‍ෂයේ රවී කරුණානායක මහතා, ඒ මහතාට නියම කර තිබු  ඇප කොන්දේසි ද  උල්ලංගණය කර ඇතැයි කොළඹ මහාධීකරණයේ දි අද චෝදනා නැගුණා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවේ විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණයට භාර දෙන්නැයි රවී කරුණානායක මහතාට ඇප කොන්දේසියක් නියම කෙරුණු බවයි. එහෙත් රවී කරුණානායක මහතා මෙතෙක් ඒ අනුව කටයුතු කර නැතැයි ප‍්‍රකාශ කෙරුණා.
මේ අතර රවී කරුණානායක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ අමෙරිකාවේ සහ බි‍්‍රතාන්‍යයේ පැවැත්වෙන සමුළු දෙකකට සහභාගි වීම සඳහා විදෙස් ගත වීමට අවසර ලබා දෙන ලෙසයි. ඊට අවසර ලබා දෙන නමුත් නැවත මව්බිමට පැමිණි වහාම ඇප කොන්දේසිවලට ගරු කරමින් විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණයට භාර දෙන්නැයි මහාධිකරණය රවි කරුණානායක මහතාට නියෝග කළා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.