ජූලම්පිටියේ අමරේ නොහොත් ගීගන ගමගේ අමරසිරි නැමැත්තා පසුගිය 19 වැනිදා තංගල්ල මහාධිකරණයට භාර වන විට ඔහුට විරුද්ධව තිබුණේ වරෙන්තු 05ක් පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේබව ප්‍රකාශ කර සිටිනවා.
වසර 2005 දී මිද්දෙනිය ප්‍රදේශයේදී ති‍්‍රරෝද රථයකට ගිනි තබා රු. 110000/- ක අනර්ථයක් සිදුකිරිම සම්බන්ධයෙන් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේද 1998දී වීරකැටිය ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කිරිම සම්බන්ධයෙන් වලස්මුල්ල මහෙස්ත්‍රාත් හා තංගල්ල මහාධිකරණයේද වරෙන්තු පැවැති බවත් එහි දක්වා තිබේ.
එසේම 1997 වසරේදී වීරකැටිය ප්‍රදේශයේදී ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරිමල එම වසරේදීම වීරකැටිය ප්‍රදේශයේ වයස අවුරුදු 16 ක දරුවකු අවි පෙන්වා බිය ගන්වා පැහැරගෙනයාම හා 2002 වසරේදී තංගල්ල බන්ධනාගාර නිලධාරීන්ට පහරදී සිරකර තබා එහි තිබු අවි ගබඩාව කඩා අවි හා උණ්ඩ කොල්ලකෑම සහ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරිම යන චෝදනා සම්බන්ධයෙන් වලස්මුල්ල මහෙස්ත්‍රාත් හා තංගල්ල මහාධිකරණයෙන් වරෙන්තු නිකුත්කර තිබූ බවද එම නිවේදනයේ දැක්වෙනවා.
ජූලම්පිටියේ අමරේ නමැති අයට හම්බන්තොට, කටුවන ප්‍රදේශයේ දී ජවිපෙ ආධාරකරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේව විට චෝදනා එල්ල වී තිබෙනවා.
කෙසේ වෙතත් තංගල්ල මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්ෂ මහතා ඊයේ විවෘත අධිකරණයේදී පවසා සිටියේ ජූලම්පිටියේ අමරේ නමැත්තාට අධිකරණවලින් විවෘත වරෙන්තු එකසිය ගණනක් පමණ ඇති බවයි. මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස තමා නියෝග කළද පොලීසිය එසේ කළේ නැතැයිද එසේ කළා නම් ඔහු මේ තත්ත්වයට පත් වන්නේ නැතැයි ද විනිසුරුවරයා පැවසුවා. විනිසුරුවරයා මේ බව කියා සිටියේ පසුගිය 20 වැනිදා ජූලම්පිටියේ අමරේ නමැත්තා යළිත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එම අවස්ථාවේදී ප්‍රකාශයක් කළ මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්ෂ මහතා මෙසේ ද කීය.
සැකකරුට එරෙහිව නඩු හතරක් මහාධිකරණයේත් තිබෙනවා. තවත් අධිකරණවල නඩු තියෙනවා. විවෘත වරෙන්තු එකසිය ගණනක් සැකකරුට නිකුත් කළා. සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසිය කැඳවා මම නියෝග කළා. පොලීසිය ඒ දේ කළේ නම් සැකකරු අද මේ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. පොලීසියටත් දොස් කියනවා. පොලීසිය වගකියන්න ඕනෑ. සැකකරු මේ තත්ත්වයට පත්වීම ගැන.
සැකකරුට ඇප තබා ඇති ඇපකරුවන් කිහිප දෙනෙක් බන්ධනාගාරයේ පසු වෙනවා. ඉතිරි ඇපකරුවන් ජූලි 11 වන දින මහාධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තු නිකුත් කරනවා.
game nama lowe randu jurampitiye amareta ape upaharaya.......
ReplyDelete